Saturday 27th of April 2024

English Tamil
Advertiesment


නව සටන් පෙරමුණු නිර්මාණය වන ඊශ්‍රායල - පලස්තීන යුද්ධය


2024-01-19 1087


රටේ රාළට ටික දවසකින් ඊශ්‍රායල - හමාස් යුද්ධය ගැන කතා කරන්න බැරිවුනා.ඇත්තටම දැන් මේ යුද්ධයට ඊශ්‍රායල - හමාස් යුද්ධයක කියනවා වඩා හොඳ ඊශ්‍රායල - පලස්තීන යුද්ධය කියලා කියන එකයි.මොකද දැන් මේ යුද්ධය පළල් පරාසයක විහිදෙන එකක් බවට පත්වෙලා.ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබීම් මෙහෙයුමේ තවමත් නිරත වෙලා ඉන්නවා.

උතුරු ගාසාවල ඊශ්‍රායලය බලය තහවුරු කරගෙන තියන බව කිව්වත් තවමත් හමාස් කණ්ඩායම් උතුරු ගසාවල රැදී ඉන්නවා.ඒවා හමුදාමය නායකත්වයකින් මෙහෙය වෙනවා කියලා හිතන්න අමාරුයි.හැබැයි සම්පුර්ණයෙන්ම යටත් කරගත් උතුරු ගසාවල කුඩා කණ්ඩායම් විදහට හරි හමාස් සෙබළුන් රැදි සිටීමෙන් පේන්නේ හමාස් සංවිධානය සමූලඝාතනය කිරීම ඊශ්‍රායලයට ලේසි දෙයක් නෙවෙයි කියන එකයි.රටේ රාළ හිතන්නේ ඊශ්‍රායලයට එහෙම උවමනාවකුත් නෑ කියලා.

සම්පුර්ණයෙන්ම ගසා වැසියන් දකුණට එලවලා කරපු මෙහෙයුමකින් පස්සේ උනත් උතුරු ගාසාවල හමාස් කණ්ඩායමි රැදී සිටීම ඊශ්‍රායලයට පැහැදිලි අභියෝගයක්.දැන් දරුණු සටන් වාර්තා වෙන්නේ මධ්‍යම සහ දකුණු ගාසාවල.මධ්‍ය ගාසාවල ගොඩක් තැන්වල මුහුණට මුහුණ සටන් සිද්ධ වෙනවා.ඒකෙන් පේන්නේ හමාස් සංවිධානයට ඊශ්‍රායල හමුදාවට පහරදීම හැර වෙන විකල්පයක් නැති බවයි.ඒ වගේම තවමත් ගාසාවල ඉදන් ඊශ්‍රායලය ඇතුලට රොකට් වෙඩි ප්‍රහාර එල්ල වෙනවා.

මෙතනදී හමාස් සංවිධානයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරවලින් දැවැන්ත විනාශයක් වෙලා තියනවා. එල්ල වෙන මිසයිල ප්‍රහාරවලින් හමාස් භූගත උමං පද්ධතියෙන් 50% කට වැඩිය විනාශ වෙලා.උමං පද්ධතියේ අඛණ්ඩතාවය බිඳවැටීම නිසා හමාස් මහා පරිමාණ ප්‍රහාර එල්ලවීම සිමා වෙලා තියනවා.කුඩා කණ්ඩායම් විදිහට එල්ල කරන ගරිල්ලා ප්‍රහාර මත යැපෙන්න හමාස් සංවිධානයට සිද්ධ වෙලා.

හමාස් සංවිධානය උතුරු ගාසාවලට වඩා වැඩි අවස්ථා ගණනකක් මධ්‍යම ගාසාවලදී ඊශ්‍රායල හමුදා එක්ක ගැටිලා තියනවා.ඒකෙන් තේරෙන්නේ හමාස් සංවිධානයට රැක ගතයුතු යමක් මධ්‍යම ගාසා වල තියනවා කියලයි.ගොඩක් වෙලාවට හමාස් නායකයන් මේ භූගත උමං පද්ධතිය ඇතුල ඉන්න පුළුවන්.එයාලට පලා යන්න ඉඩ සලසමින් හමාස් බටයන් සටන් කරනවා වෙන්නෙත් පුළුවන්.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල නම් අඩුවක් තවම පේන්නේ නෑ.මධ්‍ය සහ දකුණු ගාසාවලට දරා ගන්න බැරි ගුවන් ප්‍රහාර ප්‍රමාණයක් දවසකට එල්ල කරනවා.සරණාගත කදවුරු,රොහල්,පාසැල් ඉළක්ක කරගෙන පහර දෙන හින්දා දවසකට සාමාන්‍ය වැසියන් සිය ගණනක් අනිවාර්යයෙන් මැරෙනවා.එකම පවුලේ සියලු දෙනා ගුවන් ප්‍රහාරවලින් ඝාතනය විම් ගනණාවක් අවස්ථා කීපයකදී වාර්තා වුනා.ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන් ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නෑ.

දැනට සාමාන්‍ය වැසියන් විසිහතරදාහකට ආසන්න ගණනක් මිය ගිහින් හැත්තෑදාහකට කිට්ටු ප්‍රමාණයක් තුවාල ලබලා තියනවා. ඇත්තටම ගසා තීරයේ මානව ඛේදවාචකයක් නිර්මාණය වෙලා ඉවරයි.අහාර,බෙහෙත්,වතුර සහ අවම සනීපාරක්ෂක පහසුකම් නැතිව ජනතාවට මරණය එනතුරු බය බිරාන්තව බලා ඉන්න සිද්ධවෙලා තියනවා.ඊශ්‍රායල - පලස්තීන යුද්ධය තවත් අදියරක් වෙත යොමු වෙමින් තියන බව මේ දිනවල වෙන සිදුවීම් එක්ක පේනවා. දකුණු ලෙබනන දේශසීමාවට ඊශ්‍රායලය හමුදා බටයන් දහදාහක් කැඳවලා තියනවා.

ඒ කියන්නේ ඊශ්‍රායලය ලෙබනන් ආක්‍රමණය ලෑස්තියි කියන එකයි. රටේ රාළ කියන්නේ ඊශ්‍රායල හදන්නේ කිලෝමීටර් ගණනාවක් ලෙබනනය ඇතුලට කඩාවදින්න. සමහරවිට ඒක කිලෝමීටර  40 ක්  50 ක් දුරට යයි.හැබැයි ඒ සිමාව ආයෙත් ලෙබනනයට හම්බ වෙන්නේ නෑ.ඊශ්‍රායලය එතනදී තර්කයක් විදිහට ඉදිරිපත් කරන්නේ හිස්බුල්ලා ප්‍රහාරවලින් උතුරු ඊශ්‍රායලය ආරක්ෂා කරගන්න බෆර් Zone එකක් හදනවා කියලා වෙන්න පුළුවන්.

ඒක නිසා නව සටන් පෙරමුණක් දකුණු ලෙබනන් දේශසීමාවේ නිර්මාණය වෙන්න පුළුවන්.ඒ වගේම බටහිර ඉවුරත් සෑහෙන අවධානමක තමයි තියෙන්නේ. දැනට ඊශ්‍රායලය කරන සෝදිස්සි මෙහෙයුම් ඇතුලේ පලස්තීන ජාතිකයන් ඝාතනය කිරීම් සහ අත්තඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා තියනවා.මේ තත්වය මේ විදිහට දිගටම තියනවා නං හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලය එක්ක යුද්ධයකට යනවා හැර වෙන විකල්පයක් නෑ.

දැනට හිස්බුල්ලා සංවිධානය කරන්නේ උතුරු ඊශ්‍රායලයේ ඉළක්කවලට විටින් විට ෂෙල් වෙඩි, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම විතරයි.ඒවා බොහෝ දුරට සිද්ධ වෙන්නේ පලිගැනීමේ ප්‍රහාර විදිහට.ඊළඟට ඊශ්‍රායලයට විතරක් නෙවෙයි සමස්ථ ලෝකයටම දැවැන්තම තර්ජනයක් බවට පත්වෙලා තියෙන්නේ යේමන හුති කැරලිකරුවන් රතු මුහුදේ නෞකා ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර.

රතු මුහුදේ නෞකාවකට යේමන ප්‍රහාරයක් මීට පැය 24 කට උඩදීත් එල්ල වෙලා තියනවා. ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකය සන්ධානය දැනට අවස්ථා තුනකදී යේමනයේ පහර දීලා තියනවා.මුල් ප්‍රහාර දෙකෙන් පස්සෙත් හුති ප්‍රහාර රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවට එල්ල වීමෙන්ම පේන්නේ මිත්‍ර සන්ධානයේ ප්‍රහාර සාර්ථක නෑ කියන එකයි. පෙන්ටගනයත් කිව්වේ ඒ ප්‍රහාරවලින් යේමන ඉළක්කවලට සිද්ධ වෙලා තියෙන්නේ අවම හානියක් කියලයි.

බටහිර ප්‍රහාර අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව යේමනය තමන්ගේ අවි ස්ථාපිත කරලා තියෙනීනේ ජංගම ප්‍රවාහකයන්වලයි.බටහිරට ඉලක්ක ගන්න බැරි විදිහට එයාලා තමන්ගේ අවි රදවලා තියන ස්ථාන වෙනස් කරනවා.කොහොම උනත් හුති සටන්කාමින් රතු මුහුදේ කරන මේ ප්‍රහාරවලට අරාබි ජනතාව සහ බටහිර විරෝධී රටවල්වල ලොකු සහයෝගයක් තියනවා.හුති සටන්කාමීන් කියන්නේ ගාසාවල ඊශ්‍රායල ප්‍රහාර නතර කරන තුරු රතු මුහුදේ ප්‍රහාර නතර කරන්නේ නෑ කියලා.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි කියලා තිබුණේ යේමන හුති කැරලිකරුවන් තමන්ගේම වගකීම ඉෂ්ඨ කරමින් ඉන්නවා කියලයි.ඒ වගේම යේමන විරෝධීන් වන සෞදි අරාබිය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය උනත් මෙතනදී අනූගමනය කරන්නේ මධ්‍යයස්ථ පිලිවෙතක්.යේමනයට තවදුරටත් බටහිර හමුදා පහරදීමක් වෙන්න පුළුවන්.හැබැයි හුති කැරලිකරුවන් නෞකාවලට එල්ල කරන ප්‍රහාර සාර්ථක උනත් අසාර්ථක උනත් ඒ ප්‍රහාර විසින් මතු කරන අවධානම නිසා නෞකා ගමනාගමනයට එල්ල වෙන බලපෑම නවත්තන්න බෑ.

අවසන් වරට එල්ල කල හුති ප්‍රහාරයෙන් අදාල නෞකාවට හානිවෙලා තියනවා.ඒක හින්දා ගොඩක් නැවි රතු මුහුද මගෑරලා අප්‍රිකාව වටේට යාත්‍රා කරන්න පටන් අරන්.මේ හින්දා ලෝක ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වෙලා තියනවා.විශේෂයෙන්ම යුරෝපය ආර්ථිකයට මේ හරහා දැවැන්තම හානිය සිද්ධ වෙනවා.ඊළඟට මැද පෙරදිග කලාපයට තවත් අතිශයින් අවධානම් සිද්ධියක් ගෙවුන 72 ක ඇතුලේ සිද්ධ වෙලා තියනවා.

ඒ ඉරානය ඉරාකයේ සහ සිරියාවේ තියන ඇමරිකානු ඉලක්ක වලට පහර දීලා තිබීමයි.ඒ වගේම ඉරාකයේ කුර්දිස්ථාන්වල බටහිර පක්ෂපාතී කුර්දි ඉලක්කවලටත් පහර දීලා තියනවා.සිරියාවේ ISIS ඉලක්ක වලටත් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙලා තියනවා. ඉරානය මේ ප්‍රහාරය තුනම එකවර එල්ල කිරීමෙන් පේන්නේ මේ ප්‍රහාරයේ දේශපාලන අර්ථයක් තිබෙන බවයි.

ඉරානය කරන්නේ ඊශ්‍රායලය, ඇමරිකාව,කුර්දිස්ථානය සහ ISIS ත්‍රස්තයන් එකම ගොඩකට දාන මානසික මෙහෙයුමක්.ඒක අරාබි ජනතාවගේම අරාබි මානසිකත්වයට ඉතා වැදගත් එකක්.මේ ප්‍රහාර තුනම ඉරානය එල්ල කරන්නේ පලිගැනීමේ ප්‍රහාර විදිහට.තවදුරටත් පලිගැනීමේ ප්‍රහාර එල්ල නොකර ඉන්න බැරි තරමටම ඉරානය හිරවෙලා තිබුණා.

ඒ වගේම මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්න නැතිව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉන්නත් බෑ.ඒ ප්‍රතිචාරයේ ස්වභාවත් එක්ක තවත් යුධ පෙරමුණක් හරි කලාපීය යුද්ධයක් හරි නිර්මාණය වෙන්න පුළුවන්.මේ වගේ වර්ධනීය තත්වයන් තමයි දැන පලස්තීන  - ඊශ්‍රායල යුද්ධය ඇතුලේ නිර්මාණය වෙමින් තියෙන්නේ.කොහොම උනත් රටේ රාළට කියන්න තියෙන්නේ ඇමරිකා  - ඊශ්‍රායල මිත්‍ර සංධානයට මේක ලේසි යුද්ධයක් නෙවෙයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
Advertiesment